පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශ සංග්‍රහයක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:55 - {{hitsCtrl.values.hits}}  

2017 සිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හරිතකරණයට ලක්කිරීමේ පළමු අදියර ලෙස රාජ්‍ය අංශයේ ආයතනයන්හි ගොඩනැගිලි පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස පවත්වා ගෙන යෑම සඳහාවු හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශ සංග්‍රහය සහ හරිත ඇගයීම් ක්‍රමවේදය පිළියෙළ කර ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා පවසයි. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සහ හරිත ක්‍රමවේදය එළි දැක්වීම ජනවාරි මස 09 වන දින පෙ.ව.9.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කිරීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශ සංග්‍රහය සහ හරිත ඇගයීම් ක්‍රමවේදය පිළියෙළ කර ඇත.   

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...