2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
පළාත් කිහිපයකට අද දැඩි උණුසුමක් ?
2025 අප්‍රේල් මස 22 ප.ව. 09:33
- {{hitsCtrl.values.hits}}
දිවයිනේ පළාත් කිහිපයක අද (7) දිනයේදී දැඩි උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත‍්‍රික්කයේත් බොහෝ ස්ථානවලට මෙම දැඩි උණුසුම් තත්ත්වය බලපානු ඇතැයි සඳහන්
මේ දිනවල පවතින ඊසාන දිග මෝසම් කාලගුණ සමයේදී තද සුළං නොහැමීම හා වායුගෝලයේ ජලවාෂ්ප ප‍්‍රමාණය ඉහළ යාමත්, දිවයිනට හිරු මුදුන්වීමට ආසන්නව තිබීමත් මෙම තත්ත්වයට හේතු වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අවදානමක් ඇතිවන ප‍්‍රදේශවල ජනතාව අද (7) දිනයේදී එළිමහනේ සිදුකරන වෙහෙසකාරී කටයුතු සීමාකිරීම, ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, හැකි තාක් සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම කරන ලෙස කාලගුණ විද්‍යා ඉල්ලා සිටී. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත්වීමත්, කුඩා ළමුන් තනිව වාහන තුළ දමා නොයන ලෙසත් දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වේ.
එවැනි අවදානම් කටයුතුවල නිරතවීමෙන් විජලනය, මස්පිඬු පෙරලීම, අධික වෙහෙස වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව ද එහි සඳහන්ය. මේ අතර මධ්‍යම, දකුණු, ඌව සහ සබරගමු පළාත්වලත් කළුතර දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු සහ බස්නාහිර වෙරළබඩ ප‍්‍රදේශයන්හි උදය කාලයේදීද වැසි ඇතිවිය හැකි බව එම ප‍්‍රකාශිකාව කීවාය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...