ප්‍රංශ නාවික නෞකා 2 ක් කොළඹට

2025 ජනවාරි මස 10 පෙ.ව. 08:20 - {{hitsCtrl.values.hits}}  

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ යන නෞකාව අද (20දා) සුහද සංචාරයක් සඳහා ‍කොළඹ වරායට සේන්දු විය.එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. 

මිස්ට්‍රල් නෞකාව නිලධාරීන් 56 දෙනෙකු ඇතුළුව 431 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත වන අතර, කොබට් නෞකාව නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 157 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් සමන්විත වේ.    

නෞකාවන් මෙම මස 26 වන දින දක්වා දිවයිනේ රැදී සිටීමට නියමිතව ඇත. එම කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතව ඇත.

එමෙන්ම වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමග සුහද ක්‍රීඩා තරඟ රාශියකට ද නෞකාවන්ගේ නැව් මුළුව සහභාගී වීමට ද නියමිතය.  

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...