ප්‍රධාන බාලදක්ෂ පදවිය ජනපතිට

2025 අප්‍රේල් මස 21 ප.ව. 11:02 - {{hitsCtrl.values.hits}}  

ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබීය. සංගමයේ ප්‍රධාන අනුශාසක ධූරය ද ඔහුට පිරිනැමිණ.

රටට වැඩදායක සහ ගුණධර්මවලින් පෝෂණය වූ නිර්මාණාත්මක පුරවැසි පරපුරක් බිහි කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු ඉවහල්වන බව ජනාධිපති රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

මේ පරමාර්ථය සපුරා ගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක්‍රියා කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දෙන බව ද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය, ක්‍රමයෙන් වෙනස් කොට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටට අවශ්‍ය හා අභියෝග ජයගැනීමට සමත් පුරවැසියන් බිහි කළ හැක්කේ එමගින් පමණකැයි පෙන්වා දුන්නේය.

“ අද තිබෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. එය ශිෂ්‍ය කේන්ද්‍රීය දිසාවට යොමු කළ යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය ඒ සඳහා දායක කර ගන්න පිළිවන්.” ජනාධිපතිතුමා පැවසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...