ප්‍රින්ස් නිහඬ වෙයි

2025 ජනවාරි මස 10 පෙ.ව. 08:09 - {{hitsCtrl.values.hits}}  

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද(8) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි පවසයි.වසරකටත් වැඩි කාලයක් ඔහු රෝගී තත්ත්වයෙන් පසු වූ ඔහු අවසන් කාලයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

මිය යන විට ඔහු 47 වැනි වියේ පසු වූ ප්‍රින්ස්  සුදු මල් පොකුරක් අතින් දරා, සඳරේණු වෑහෙනා, වෙරළ කොනක, මා හඬවලා, මහද ප්‍රේමාදරේ, මා එදා කියූ දේ, කැලෑ මලේ කොහේ ගියාදෝ, ඔබ හා ගෙවූ අතීතේ, ඔබ පෑ පෙම් සිනා, සීගිරියේ කුරුටු ගීත ලස්සනයි, සමුගන්න සමුදෙන්න නම් ආදී ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කර ජනතාව අතර ප්‍රචලිත විය.  අවසන් කාලයේ අසනීප තත්ත්වයේ සොයුරියගේ රැකවරණ මැද ජීවත් විය. 
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව  සඳහන් කරයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...