පාසල් ආරක්ෂාව ගැන අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා - අමාත්‍යාංශය

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 03:12 - {{hitsCtrl.values.hits}}  

පාසල් තුළ ආරක්ෂාව මුල් කරගනිමින් මේ වන විට අවස්ථාවාදී දේශපාලන ක්‍රියාවලියක් සිදුවන බවත් එයට නොරැවටෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පාසලක සිටින සියලු සිසුදරුවන්ගේ භාරකාරත්වය හා ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම විදුහල්පති හා සමස්ත කාර්ය මණ්ඩලය වෙත පැවරෙන බැවින්  පාසල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ප්‍රධානීන් වෙත මේ වනවිටත් ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ පළාත් සභා පාසල් තුළ විදුහල්පතිවරුන් දෙමව්පියන් කැඳවා ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ඊයේ (22දා) දිනයේ දී කටයුතු කිරීම සම්බන්ධව අනාවරණය වූ තොරතුර කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු ව ඇති බවත් ආරක්ෂාව මුල් කරගනිමින් ඇතැම් පාර්ශ්වකරුවන් විසින් සිදුකරනු ලබන දේශපාලන ප්‍රෝඪාවන්ට නොරැවටෙන ලෙසත්, සිසු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණයේ දී වගකීමෙන් හා විචාරශීලී ව කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

අවස්ථාවාදී දේශපාලන ක්‍රියාකාරීන් විසින් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් පාසල් දරුවන් සහ දෙමව්පියන් තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකිරීමට දරන උත්සාහයන් ද මෙම පූර්ව මැතිවරණ සමයෙහි පැවතිය හැකි හෙයින් ඒ සියලු ක්‍රියාකලාප කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සමස්ත පාසල් ප්‍රජාව වෙත පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...