2025 ජනවාරි මස 11 පෙ.ව. 04:29 - {{hitsCtrl.values.hits}}
පාසල් දරුවන්ගෙන් 50% කට ආසන්න සංඛ්‍යාවකට දන්ත ගැටලු ඇතිවී තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ පර්යේෂණයකදී හෙළි වී තිබේ.
මෙහිදී වයස අවුරුදු 05-08 ත් අතර දරුවන්ගෙන් 60෴කට ආසන්න ප්‍රමාණයකට දත් දිරායාමේ රෝගය පවතින බවට සොයාගෙන ඇත. වයස අවුරුදු 8-14 ත් අතර වයසැති දරුවන් 40%ක් පමණ දත් දිරායාමේ රෝගයට ගොදුරු වී ඇති බවද අදාළ පර්යේෂණයේදී තහවුරු වී තිබේ.
මීට අමතරව වයස අවුරුදු 15-18ත් අතර වයස් කාණ්ඩයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් දත් දිරායාම හා විදුරුමස් රෝගවලට ලක්ව තිබෙන බවටත් හෙළිවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් දන්ත සායන මධ්‍යස්ථාන 536ක ප්‍රමාණය වැඩිදියුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන අතර, ඒ යටතේ මුලින් මධ්‍යස්ථාන 306ක් අලුත්වැඩියා කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.පාසල් දන්ත සායන මධ්‍යස්ථාන 76ක් සංවර්ධනය කිරීම සඳහා මේ වනවිට රුපියල් මිලියන 250ක මුදලක්ද වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. ada.lk
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |