පාසල් පරිගණක ආරක්‍ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද පිහිටුවීමට පියවර

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:52 - {{hitsCtrl.values.hits}}  

පාසල් පරිගණක ආරක්‍ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද පිහිටුවීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සඳහන් කරයි. පාසල් සිසුන් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මුහුණදෙන අහිතකර තත්තවයන්ගෙන් ඔවුන්  මුදවා ගැනීමත් එසේම  යම් ගැටලුකාරී අවස්ථාවකට මුහුණපෑමට සිදුවුවහොත්  එය වඩාත් ක්‍රමානුකූලව විසඳාගැනීමට මග පෙන්වීමත්  මෙහි අරමුණ වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශාඛාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පූර්ණ දායකත්වයෙන්  ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යන ආයතනයන්හි සහභාගිත්වයෙන් EDUCSIRT  ක්‍රියාවට නංවා ඇත. දීපව්‍යාප්ත ලෙස මෙය  ව්‍යාප්ත කිරීමේ අරමුණින් අධ්‍යාපන කලාප මට්ටමින් ගුරුවරුන් දහසක් පුහුණු කිරිම ආරම්භ කර  ඇත. මේ වන විට ගුරුවරුන් සියයකට  පමණ පුහුණුව ලබාදී අවසන් කර තිබේ. මෙම සියලු පුහුණුවීම් කටයුතු මෙම වසර තුලදී අවසන් කිරීමට නියමිතය.
සෑම පාසලකම පරිගණක ආරක්‍ෂණය පිළිබඳ දැනුමක් ඇති පිරිස් සම්පත් දායකයින් ලෙස තෝරාගෙන මෙම පුහුණුකරුවන් පුහුණු කිරිමේ වැඩසටහන දියත් කෙරේ. මෙම පාසල් පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායම් ඉදිරියේදී  පාසල් මට්ටමින් ස්ථාපිත කර තිබෙන තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ සමඟ අනුගතවී කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ     අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඩිජිටල් අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුල ව්‍යාප්ත කිරීමට ක්‍රියාත්මක   ජාතික මට්ටමේ  වැඩපිළිවෙළේ මෙය තවත් අදියරකි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...