පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:51 - {{hitsCtrl.values.hits}}  

2018 වසර සඳහා පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය ජනවාරි 11 වනදා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දී පැවැත්විණි. රජය විසින් නොමිලේ ලබා දෙන පෙළපොත් ළමුන් අතට පත් කිරීම සඳහා සෑම වසරකදීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එය සංකේතවත් කරමින් සෑම වසරකදීම පාසල් පෙළපොත් දරුවන්ට ලබාදීමට අදාළව ජාතික උත්සවයක් පැවැත්විණ.

නොමිලේ ලබා දෙන පෙළපොත් නැවත පරිහරණය කළහැකි වනසේ භාවිතා කිරීමේ වැදගත්කම, අරපිරිමැස්ම, පාසල් අධ්‍යාපනයේ වටිනාකම හා වැදගත්කම පිළිබඳවත්, රටේ ජනතාවගේ බදු මුදලින් රජය මගින් නොමිලේ දරුවන් අතට පත් කෙරෙන පාසල් පෙළපොත් භාවිතා කරමින් මනා අධ්‍යාපනයක් ලබා යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට පිවිසීමේ වැදගත්කම ආදී කරුණු පිළිබඳවත් පාසල් සිසුන් දැනුවත් කිරීමට වාර්ෂිකව මෙවැනි  ජාතික උත්සවයක් සංවිධානය කිරීම මෙහි අරමුණයි.

ඡායාරූප- රෝමේෂ් ධනුෂ්ක සිල්වා

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...