පාසල් ශිෂ්‍යයෙකු අනිවාර්ය එක් ක්‍රීඩාවක් හැදෑරීම තදින් ක්‍රියාත්මකයි - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 08:54 - {{hitsCtrl.values.hits}}  

 

සෑම පාසල් ශිෂ්‍යයෙකුම එක් ක්‍රීඩාවක් හෝ අනිවාර්යයෙන් කළ යුතුය බවට සෑම පාසලකටමයවා තිබෙන චක්‍රලේඛයඉදිරියේදී ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

මෙරට පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ තිබෙන ක්‍රීඩා ගුරුවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස ක්‍රීඩා ගුරුවරුන් පන්දහසක් (5,000) කඩිනමින් බඳවා ගැනීමට ද කටයුතු කරන බවත්, ළඟම පාසල හොඳම පාසල කිරීමේ අරමුණින් මෙරට ක්‍රියාත්මක සෑම අධ්‍යාපන කොට්ඨාසයක්ම නියෝජනය වන ක්‍රීඩා පාසලක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයාසඳහන් කරයි.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ පිළිබඳව කොළඹ පාපන්දු නිවහනේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කාරියවසම් මහතා මෙම අදහස් දක්වා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම අනාවරණය කර සිටියේ, පාසල් ක්‍රීඩාව නැවත් වරක් සක්‍රීය මට්ටමට ගෙන ආ යුතු බවත්, පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් හා දක්‍ෂතා දියුණු කර ඔවුන් ජාත්‍යන්තරය දක්වා රැගෙනයාම පරමාර්ථය වන බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

&පාසල් ක්‍රීඩාව නැවත සක්‍රීය මට්ටම ගෙන ආ යුතුයි. නමුත් මම කනගාටුවෙන් වුවත් කියනවා, පසුගිය කාලයේ මීට වඩා යමක් කරන්න තිබුණා. කෙසේ වෙතත් අපේ පරමාර්ථය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් හා දක්‍ෂතා දියුණුකර, ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට හැඩගැස්වීමයි.

 අස්වැන්න ලබාගන්න, දැන් වපුරන්න ඕන. දැන් ගන්න ආරම්භය නිසා තමයිඅපිට 2018, 2019 හා 2020 වර්ෂවනවිට ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නෙ. ශ්‍රියානි කුලවංශලා, සුගත් තිලකරත්නලා, සුසන්තිකා ජයසිංහලාගෙන් පසුව ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක බිහිවුණේ සුළු වශයෙන්. අපට මෙය වර්ධනය කළ යුතුව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් ලෝකයට අපේ නම ගෙන ගියා. විවිධ ක්‍රීඩා ඔස්සේ අපිට තව ශූරතා දිනාගන්න හැකියාව තිබෙනවා.* යැයි පැවසීය.

මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළ කරුණක් වූයේ, මෙරට පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ විශාල ක්‍රීඩා ගුරුවරුන්ගේ හිඟයක් තිබෙන බවයි. ඒ සඳහා 5,000ක පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

&අපේ රටේ පාසල් ක්‍රීඩා පද්ධතියේ විශාල වශයෙන් ක්‍රීඩා ගුරුවරු හිඟයක් තිබෙනවා. අපට විධිමත් ගුරුවරු නැතිව, අපි කොහොමද තරුණ අයව පුහුණු කරන්නෙ. ක්‍රීඩාවට දක්‍ෂතා තිබෙන ගුරුවරු බඳවා ගත යුතුයි. එමනිසා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් මගින් ක්‍රීඩා ගුරුවරු පන් දහසක් (5,000) කඩිනමින් බඳවා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවේ සුදුසුකම් මෙන්ම ගුරු ව්‍යවස්ථාවද වෙනස්කර මෙම බඳවා ගැනීම් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙම බඳවා ගැනීම් සිදුකිරීමේදී උපාධිහෝ වෙනත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සොයා බලනවා සේම, ක්‍රීඩාවට ඇති උනන්දුව මෙන්ම හැකියාවන් පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දක්වනවා*.

කාරියවසම් මහතා මෙහිදී හෙළිදරව් කර සිට තවත් කරුණක් වූයේ, මෙරට තිබෙන සෑම අධ්‍යාපන කලාපයකම පාසල් තෝරාගෙන එය ක්‍රීඩා පාසලක් දක්වා සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

&අපේ රටේ අධ්‍යාපන කලාප 98ක් තිබෙනවා. එම සෑම කලාපයකම එක් පාසලක්, ක්‍රීඩා පාසලක් ලෙස තෝරගෙන දියුණුකරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේ වනවිට සෑම පාසල් ශිෂ්‍යයෙකුම එක් ක්‍රීඩාවක් හෝ අනිවාර්යයෙන් කළ යුතුයි කියලා චක්‍රලේඛයක් සෑම පාසලකටම යවලාඑය ඉදිරියේදී ඉතාම තදින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙනවා.* යැයි පවසා සිටියේය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...