පාසල් සියයට 95ක අධ්‍යාපන කටයුතු අඩාලයි

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 06:47 - {{hitsCtrl.values.hits}}  

ගුරු විදුහල්පති වැඩවර්ජනය හේතුවෙන් සමස්ත පාසල්වලින් 95%කට ආසන්න ප්‍රමාණයක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

ගුරුවරුන්ගෙන් 98%කට ආසන්න ප්‍රමාණයක් සේවයට වාර්තා කර නොමැති බවත්, විදුහල්පතිවරුන්ගෙන් 95%ක් සේවයට වාර්තා කර නොමැති බවත් එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.

ගුරුවිදුහල්පතිවරුන් සුළු පිරිසක් සේවයට වාර්තා කළ පාසල්වල පවා වැඩකටයුතු සිදු නොවන බවත්, වැඩවර්ජනයට සමගාමීව අද (26දා) උද්ඝෝෂණ ව්‍යාපාරයක් හා ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාරදීමක් සිදුකෙරෙන බවත් හෙතෙම පවසා සිටියේය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...