පාසල් සිසුන් ප්‍රවාහන රථවලටත් බස් ප්‍රමුඛතා මංතීරුව භාවිතයට අවසර

2025 ජනවාරි මස 10 ප.ව. 06:34 - {{hitsCtrl.values.hits}}  

බස් ප්‍රමුඛතා මංතීරුව පාසල් සිසුන් ප්‍රවාහන රථවලටත් බස් රථ වෙනුවෙන් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කර ඇති මාර්ගවල ගමන් ගන්නා පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ සඳහා ද එම මංතීරුව භාවිත කිරීමට අවසර දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව හෙටින් (6) එළඹෙන නව පාසල් වාරයේ සිට බස් ප‍්‍රමුඛතා මංතීරුව පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ සඳහා ද භාවිත කළ හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි. කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමවේදය ආරම්භ කළ අතර මේ වන විට එය අධික තදබදයක් පවතින තෝරාගත් මාර්ග කිහිපයක කි‍්‍රයාත්මක වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...