පාසල් සිසුන්ට ආරක්ෂාව ගැන කියා දුන් 150 වැනි පොලිස් සැමරුම

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 06:50 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා පොලිසිය හා මහජනතාව අතර පවතින සම්බන්ධතාව වර්ධනය කිරීම සහ සැප්තැම්බර් 03 වන දිනට යෙදී තිබූ 150 වැනි පොලිස් දිනයට සමගාමීව සංවිධානය කළ උතුරු මැද පළාත් සැමරුම් උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් (25) අද  අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

මීට සමගාමීව පාසල් සිසු සිසුවියන්ට මාර්ග ආරක්ෂව ගැන උපදෙස් ලබා දෙන මාර්ග ආරක්ෂක සන්දර්ශනයක් නව බස්නැවතුම්පල අසලදී පොලිස් රථ වාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළේය.

උදෑසන උතුරු මැද පළාත් පොලිස් නිලධාරීන් විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත නිල පොලිස්පති සම්මාන උත්තමාචාර දැක්වීම සිදු කළ අතර උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා විසින් පූජිත් ජයසුන්දර මහතා වෙත සමරු තිලිණයක් ප්‍රධානය කරන ලදී.

ඡායාරූප- ශ්‍රී ලංකා පොලීසිය

Police (2) Police (3) Police (4) Police (5) Police (6) Police (7) Police (8) Police (9) Police (1)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...