පාසල් සිසුන්ටත් නීතිය තදින්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:44 - {{hitsCtrl.values.hits}}  

රටේ පවතින නීතිය කඩකිරිමට කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බවත් පාසල් සිසුන්ද එය එළසම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියයි. කොළඹ ආනන්ද - නාලන්ද විදුහල් අතර ඇතිවූ ගැටුම හා කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

මෙතෙක් කලක් පාසල් සිසුන් වෙනුවෙන් සුමට ක්‍රියාමාර්ග අනුගමනය කළත් ඉදිරියේදී එසේ ක්‍රියා නොකරන බවත් නිතිය කඩකරන පාසල් සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු පැවැසීය.

ඒ අනුව දෙමාපියන් මෙන්ම ගුරුවරුන් සිය දරුවන් පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු පවසයි. 

(අද පුවත්පත ඇසුරින්)

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...