පැරිසිය සිසිල් කිරීමටපාසල් තුළ හරිත කලාප ඉදි කෙරේ

2024 දෙසැම්බර් මස 21 ප.ව. 09:47 - {{hitsCtrl.values.hits}}  

ප්‍රංශයේ පැරිස් නගරය තුළ පවතින ඉහළ උෂ්ණත්වය පාලනය කිරීම වෙනුවෙන් එහි පිහිටි පාසල් තුළ හැකි පමණින් හරිත කලාප ඉදිකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙම අධික උෂ්ණත්වය නිසා ප්‍රංශයේ ග්‍රීෂ්ම ඍතු සමයේදී එම පාසල්වල දරුවන් දැඩි අපහසුතාවට පත්වූ බව හඳුනාගෙන තිබීම මෙයට හේතුවයි.

විශේෂයෙන්ම මෙම පාසල් තුළ ඇති කොන්ක්‍රීට් ඉදිකිරීම් හේතුවෙන් සුර්යාලෝකය ඒවාට වැදී පරාවර්තනය වී ඉහළ උෂ්ණත්වයක් පිට කරයි. වාර්තාවලට අනුව පසුගිය වසරේ ජුනි මාසයේදී පැරිස් නුවර නුවර පිහිට එවැනි පාසල් බිමක උෂ්ණත්වය සෙල්සියස් අංශක 55 දක්වා ඉහළ නැග තිබේ. මේ හේතුවෙන් පාසලේ දෛනික කටයුතු පවා ඇණ හිට ඇති අතර, ගුරුවරුන් දින තුනක කාලයක් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමෙන් වැළැකී තිබේ.

ඒ අනුව මේ තත්ත්වයට පිළියමක් ලෙස පැරිසියේ පිහිටි පාසල් හි ඇති මිදුල කොටස තුළ මෙවැනි ක්ෂේමභූමි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අවධානය යොමු කර ඇත. මෙලෙස පාසැල් තුළ පිහිටි කොන්ක්‍රීට් ඉදිකිරීම් වෙනස් කිරීමට ලක් කිරීම %අයිලන්ඩ්ස් ඔෆ් කූල්^ ලෙස නම් කර තිබේ. මේ හරහා පැරිස් නුවර උෂ්ණත්වය අවම කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.

මෙලෙස උෂ්ණත්වය ඉහළ යාම සඳහා පැරිස් නුවර පවතින අවම හරිත අවකාශ ප්‍රමාණය හේතුවී ඇතැයි දැනටමත් හඳුනාගෙන ඇත. අද වනවිට එය නගරයේ භූමි ප්‍රමිණයෙන් 9.5෴ ක් පමණක් වන අතර එය යුරෝපියානු නගර අතර  අඩුම භූමි ප්‍රමාණයද වෙයි. එහෙත් ලන්ඩන් නුවර තුළ 33෴ ක් සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර 35෴ක්ද ආදී ලෙස මෙම හරිත අවකාශය සඳහා අවස්ථාව ලබා දී ඇත.(wmdjbm)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...