පැළ මිලියන 50ක් සිටුවීමේ වැඩසටහනක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:54 - {{hitsCtrl.values.hits}}  

මෙරට වන වැස්ම හෙක්ටයාර් ලක්ෂයකින් වැඩි කිරීම සඳහා පැළ මිලියන 50 ක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භකරන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් උදය සෙනවිරත්න මහතා ප්‍රකාශකළේය.

මේඅනුව ඉදිරි වසරේදී සෑම ගම්මානයකම සහ සෑම ආයතනයකම පැළ තවාන් ආරම්භකිරීමට කටයුතු කළ යුතු බවත්, ඒවෙනුවෙන් ප්‍රජාව උනන්දු කළ යුතු බවත් සෙනවිරත්න මහතා පැවසීය.

එලෙස ලබාගන්නා පැළ වනවැස්ම අවම වී ඇති ස්ථානවල සිටුවීමට කටයුතු කරන අතර, විශේෂයෙන් කදු ආශ්‍රිතව සහ වෙරළ ආශ්‍රිතව මෙම පැළ සිටුවීමට බලාපොරොත්තුවන බවද උදය සෙනවිරත්න මහතා ප්‍රකාශකළේය.

වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහන මේවනවිට ආරම්භකර ඇති අතර, මේයටතේ හරිත වතු තුරුවියන්, ක්ෂේම භූමි සංරක්ෂණය, ආරාම රෝපා ආදී වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රුක්රෝපණයට දිරිගන්වන බවද හෙතෙම මෙහිදී ප්‍රකාශකළේය.

 

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...