පිරිවෙන් ආරම්භයත් පාසල් ආරම්භ කරන දිනයේම

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:13 - {{hitsCtrl.values.hits}}  

පිරිවෙන් ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන දිනයම පිරිවෙන් ආයතන යළි විවෘත කෙරෙන දිනය ලෙස සැලකියුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙතෙක් නේවාසික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් වල පවත්වාගෙන ගිය නේවාසික දිනචර්යාවට අදාළ වනපොත් කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී නේවාසික කටයුතු මෙන්ම බාහිර සිසුන්ගේ හා බාහිර ගුරු භවතුන්ගේ  සහභාගීත්වයෙන් තොරව පිරිවෙන් කෘත්‍යාධිකාරී  නාහිමියන්ගේ හා පරිවේනාධිපති හිමියන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති  බව ද එම නිවේදනයේ දැක්වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...