පෙළපොත් නොලැබු සියලුදෙනාට පෙළපොත් නව පාසල් වාරයේ පළමු දිනයේම

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:54 - {{hitsCtrl.values.hits}}  

2020 වර්ෂය සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත්, සිසුන් 1,500ට වැඩි  සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සෘජුවම බෙදා දි ඇති බවත්, අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබාදී  ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහෙත්  සිසුන් 1,500ට අඩු, අමාත්‍යාංශය විසින් සෘජුව පෙළ පොත් ලබා දී නොමැති පාසල්වලට මේ දක්වා සියලුම පෙළපොත් දරුවන් වෙත ලැබී නොමැති බවත්, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලින්  තම පාසලට අදාළ සියලුම පෙළපොත් රැගෙන ගොස් නැති බව ද අනාවරණය වී තිබේ.

මේ නිසා තම පාසලට අදාළ සියලුම පෙළපොත් අදාළ මධ්‍යස්ථානවලින්  භාරගෙන 2020  පාසල් වර්ෂයේ පළමු පාසල් දිනයේම සිසුදරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙසත්, පෙළ පොත් ඌනතා පිළිබඳ කිසියම් දැනුම් දීමක් තිබේනම් 0112784815 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා සියලු  විදුහල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...