හිමාලය ජයගෙන පේරාදෙණි සිසුහු ආපසු එති

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:57 - {{hitsCtrl.values.hits}}  

සාර්ථකව හිමාලය තරණය කර යළි පැමිණි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවැනි වසරේ සිසුවිය ඇතුළු කණ්ඩායමට උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනැමූ බව ලංකාදීපය වාර්තා කරයි.

‘අපේ රටේ කදු නැගල තිබ්බට ඒ කඳු නැගිම හාත්පසින්ම වෙනස්. සීතල තමා ඉවසන්න බැරිවුණේ. නමුත් දිනෙන් දින ගත වෙද්දි අපි හැමෝම ඒ දේවල් වලට පුරුදු වුණා. සමහර තැන් වලදි නිවෙස් වල අයට පණිවිඩයක්වත් දෙන්නට නොහැකි වුණා. ඇත්තටම මේ වගේ ගමනකට හොඳම කණ්ඩායම අපි තමයි කියල දැන් මට හිතෙනවා‘ යැයි හිමාල තරණයට මෙරට විශ්ව විද්‍යාලයකින් ඉදිරිපත් වු පළමු සිසුවිය වූ එම කණ්ඩාමේ ඔමේෂා ජයමිණි සිල්වා කීවාය.

හිමාල ගවේෂණය අතර තමාට අතපසුවූ විභාග කටයුතුවලට යළි පෙනී සිටින්නට අවසර දීම සම්බන්ධයෙන් උපකුලපති ඇතුළු ආචාර්යවරුන්ට සිය ස්තූතිය පළ කරන බවද ඇය කීවාය.

‘කණ්ඩායම් නායකයා හැටියට මට විශාල වග කිමක් තිබ්බ මොකද සියල්ලන්ම නවකයින් නවකයින් වුණාට කිසිදේකට පසු බැස්සෙ නෑ. ඇත්තටම මට විශාල සහයෝගයක් ලැබුණා‘ යැයි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඉංඡිනේරු පිඨයේ අධ්‍යයන උපදේශක නිමේෂ වික්‍රමසිංහ මහතා කීවේය. 

හිමාලය තරණය අතරතුර නොවැම්බර් 17 වැනිදා තම කණ්ඩායමේ ප්‍රණාම මතන්ගවීරගේ උපන්දිනය යෙදී තිබූ බවත් හිමාලය තරණය කරද්දීම එය සැමරීමට ලැබුණු බවත් ඔවුහු කියති.

(ලංකාදීප ඇසුරිනි)

3-1 5-1 103 161

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...