පේරේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසයි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 01:37 - {{hitsCtrl.values.hits}}  

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය අද සිට ( 19දා ) දක්වා නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය තිරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ සියලුම සිසුන් අද පස්වරු 6 ට පෙර විශ්ව විද්‍යාල භුමියෙන් ඉවත් විය යුතු බවද එම නිවේදනයේ දැක්වෙයි. මේ දිනවල විශ්ව විද්‍යාලය තුළ සී. සී. ටි. වී. සවි කිරිම සම්බන්ධව කළමණාකරණ පීඨයේ සිසුන් අරගලයක යෙදි සිටින බවත් මේ සම්බන්ධව දෙපාර්ශවයම සමග සාකච්ඡා කළඳ විසදුමක් නොමැති වීම හේතුවෙන් මෙසේ කළමනාකරණ පීඨය වසා දමා ඇත.

මේ සම්බන්ධව තව දුරටත් සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම සඳහාත් කළමණාකරණ පීඨය විසඳුමකට පැමිණෙනතුරුත් කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමූ බවත් කඩිනමින් එහි අධ්‍යන කටයුතු ඇරඹීමට කටයුතු කරනු බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා පැවැසිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...