පොදු ප්‍රවාහනයේදී හා ජනතාව ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණය අවශ්‍යයයි

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:43 - {{hitsCtrl.values.hits}}  

පොදු ප්‍රවාහනයේදී හා ජනතාව ගැවසෙන

ස්ථානවලදී මුඛ ආවරණය අවශ්‍යයයි

තමන්ගේ වාහනයක ගමන් කරන විට මුඛ ආවරණ අවශ්‍ය නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශය

තමන්ගේ වාහනයක ගමන් කරන විට මුඛ ආවරණ අවශ්‍ය නොවන බවත්, එහෙත් පොදු ප්‍රවාහන සේවයේදී හා මහජනතාව ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණ අවශ්‍ය බවත්සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කාර්යාල තුළ දුරස්ථ භාවය පවත්වාගෙන ආයතන ප්‍රධානීන්ට සේවකයන් ගෙන්වීමට හැකියාව තිබෙන බවත්, රැස්වීම් පැවැත්වීමේදී හා සේවකයන් එකට එකතුවීමේදී මුඛ ආවරණ පැලඳිය යුතු බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.

නාවික හමුදා කෝවිඩ් - 19 පොකුර පාලනය වී තිබෙන බවත්, මේ වනවිට බාහිර සමාජයෙන් කෝවිඩ් - 19 රෝගීන් හමුනොවන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළාය.

කාර්යාලවලට සේවකයන් කැඳවීමේදී 50 සීමාවක් තිබුණද, දුරස්ථ භාවය රැක ගනිමින් ආයතන ප්‍රධානීන්ට රාජකාරි කටයුතු සඳහා සේවකයන් කැඳවීමට හැකියාව තිබෙන බවද පවසා සිටියාය.(WMDJBM)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...