පොලිතින්, ප්ලාස්ටික්, ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය නිරාවරණ සතිය අද සිට

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 07:54 - {{hitsCtrl.values.hits}}  

plastic-trash-in-oceans-and-waterways (1)ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික වැඩසටහන මගින් පොලිතින්, ප්ලාස්ටික් සහ ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය නිරාවරණ සතියක් 2016 ඔක්තොම්බර් 24 - 30 දක්වා ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සතිය තුළ සියලුම ප්‍රධාන නගර, මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල මහ නගර සභා, නගර සභාව සහ ප්‍රාදේශීය සභා පරිශ්‍ර කේන්ද්‍ර කර ගනිමින් පොලිතින් ප්ලාස්ටික් සහ ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ.

නිවාස සහ ආයතන මට්ටමින් එක්රැස් වන අපද්‍රව්‍ය 24 - 28 වන දක්වා එක්රැස් කිරීමේ රථයට හෝ ආසන්නතම එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් භාර දිය හැක. මේ සඳහා පරිසර නියමුවන් ප්‍රමුඛ පාසල් සිසු සිසුවියන්ගේ සහයද සක්‍රීයව දායක කර ගැනීමට කටයුතු යොදා තිබේ.

නිවෙස්වල එකතුවන පොලිතින්, ප්ලාස්ටික් සහ ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහැර එකතුකිරීමේ මධ්‍යස්ථාන වෙත ලබා දීමට නියමුවන් වන ලෙස පාසල් සිසු සිසුවියන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කර තිබේ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...