2025 අප්‍රේල් මස 22 ප.ව. 04:55 - {{hitsCtrl.values.hits}}
2019 ජුනි මස 16 වැනිදාට යෙදී තිබෙන පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව පිරිවෙන්, බෞද්ධ සිසුන් බහුතරයක් ඉගෙනුම ලබන පාසල්වල හා සෙසු සියලු අධ්‍යාපන ආයතනවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය චක්‍රලේඛයක් මගින් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපති වහන්සේලා සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
12 වැනිදා - මහින්දාගමනය අනුස්මරණය කිරිම සඳහා පාසල් පරිශ්‍රය හා පන්ති කාමර තුළ බෞද්ධ කොඩිවලින් සැරසීම
13 වැනිදා - අසරණයන්ට පිහිටවීම මුල් කරගත් වැඩසටහන් අදාළ පාසල්වල විදුහල්පතිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීම
14 වැනිදා - ශීල වැඩසටහන්
15 වැනිදා - මහින්දාගමනය අනුස්මරණය කිරිම සඳහා තම නිවෙස්වල සැරසිලි කිරිම
16 වැනිදා - දෙමවුපියන්, වැඩිහිටියන් සමඟ ශීල සමාදාන වැඩසටහන්වලට සහභාගිවිම හෝ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ඇප උපස්ථාන කිරිම හා සෙසු ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදීම
![]() |
diary Read more... |