බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදිත්‍ය ලොවම පරදවයි

2025 ජනවාරි මස 23 පෙ.ව. 09:26 - {{hitsCtrl.values.hits}}  

අන්තර් ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ දී රටවල් 162 ක් අභිබවා රන් පදක්කම දිනා ගැනීමට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රෙහාන් ආදිත්‍ය වීරකෝන් සිසුවා සමත්ව තිබේ.

ජපානයේ ටෝකියෝ නුවර පැවැති අන්තර් ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ ප්‍රාථමික 6 කාණ්ඩයේ තරගයෙන් ආදිත්‍ය ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මෙම තරගාවලියේ දී ලකුණු 180න් ලකුණූ 144 ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. එම තරගාවලියේ දෙවැනි ස්ථානය ඉන්දියාව දිනාගත්තේය. ඉන්දීය සිසුවා  ලකුණු 132 ක්  හිමිකර ගත්තේය. මෙම තරගාවලියට එම කාණ්ඩයෙන් තරග  වැදුණූ ලාබාලම ශිෂ්‍යයා ආදිත්‍ය වේ.

((පාලිත ආරියවංශ-ලංකාදීප ඇසුරිනි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...