බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද සිට

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 03:54 - {{hitsCtrl.values.hits}}  

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩසටහන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, ව්‍යාපෘති උපදේශක මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යන ආයතන ද ඒකාබද්ධව අද (15) දින සිට කොළඹ නගරය ආශ්‍රිත ව ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක සමාරම්භක දිනය වන අද (15) මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, කොළඹ නගරය දෙසට ගමන් කරනු ලබන පොදු ප‍්‍රවාහන සේවා ඒක මංතීරුවක පමණක් ගමන් කරනු ඇත.

පෙරවරු 06.00 සිට පෙරවරු 09.00 දක්වා සතියේ දිනවලදී මෙම මාර්ගයන්හි කොළඹ දෙසට වෙන් කරනු ලැබූ මංතීරු තුළ ධාවනය කළ යුතු වන අතර එම වේලාවන්හි මංතීරුව තුළ අනෙකුත් වාහන ධාවනය කිරීම අත්හිටුවා ඇත.

මෙම බස් ප‍්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර අදාල මාර්ගයන් හි යටිතල පහසුකම් දියුණු කර ඇති අතර සී.සී.ටීවි මගින් බස්රථ අධීක්‍ෂණය කරනු ඇත. තවද GPS තාක්ෂණය යොදා ගනිමින් බස්රථ ගමන් කරනු ලබන ආකාරය හා නිවැරදි මංතීරු අනුගමනය කරන්නේ ද යන්න නිරන්තරයෙන් සොයා බැලීමට ද කටයුතු යොදා ඇත.

දීර්ඝ කාලීනව උදෑසන හා සවස් කාලයේදී මගී ජනතාව සහ අනෙකුත් වාහනවල ගමන් කරන අය උදෙසා මාර්ග තදබදයකින් තොරව සිය ගමනාන්ත දක්වා ගමන් කිරීමට මෙමගින් විශේෂ වූ තොරතුරු රැසක් ලබාගැනීමත් ප‍්‍රායෝගික තත්වයන් සඳහා මුහුණ දීමටත් මෙම මූලික අදියරේ දී කටයුතු සැලසෙනු ඇත. එහෙයින් මෙම ව්‍යාපෘතිය සඳහා සැමගේ සහය අත්‍යාවශ්‍ය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඡායාරූප හා විඩියෝ - මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

20767911_1944184509196391_4912915850075387894_n 20799301_1944184609196381_5498720989179683182_n 20799856_1944184875863021_2685499494808754574_n 20841712_1944205525860956_7140050275502625700_n 20842044_1944184869196355_3420954975403125957_n20882202_1944184615863047_574435153860469175_n 20914334_1944184822529693_8678412732320678481_n

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...