බැද්දගානට තෙත්බිම් උද්‍යානයක්

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 12:53 - {{hitsCtrl.values.hits}}  

B-1 fබස්නාහිර මහානගර ව්‍යාපෘතිය ඔස්සේ මහා සංවර්ධනයක් සඳහා කොන්ක‍්‍රීට් වනාන්තරයක් ඇති කිරීම සිදු නොකරන බවත්, මුළු රටටම ගැළපෙන අයුරින් විධිමත් ග‍්‍රාමීය හා නාගරික සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය.

බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් එසේ කී ඇමැතිවරයා තමන් 2008 වසරේ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී මධ්‍යම පරිසර අධිකාරිය සහ සම්පත් පාය අවට ප‍්‍රදේශය  හරිත කවයක් ලෙස නම් කිරීමට කටයුතු කළ බවත් එහි පළමු කොටස ලෙස ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත හරිත කවය ලෙස දියුණු කළ බවත් කීවේය.

ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගරයෙහි, අධිනාගරීකරණය වූ ප‍්‍රදේශයක නව පාර්ලිමේන්තු සංකීර්ණය අසල සුන්දර දියවන්නා ඔය අසබඩ පිහිටි බැද්දගාන තෙත්බිම ඉතා සුන්දර පරිසර පද්ධතියකි. මෙය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ කුරුළු අභය භූමියේ මායිමටද ඇතුළත් වේ. මෙම සොඳුරු භූමියේ සුන්දරත්වයට හානි නොවන අයුරින් හා එහි සුන්දරත්වය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹිය හැකි අයුරින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ‘බැද්දගාන තෙත්බිම් උද්‍යානය’ නිර්මාණය කර තිබේ.

13445816_1731247130490131_2403693424619574844_n13445768_1731247147156796_3479761074364411841_n

 

 

 

 

 

 

13442346_1731247127156798_1097278140328907518_n13466306_1731247070490137_5188401573512706693_n

 

 

 

 

 

 

13465936_1731247427156768_3731692892461428830_n

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...