බොරිස් ජොන්සන් අද බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 02:09 - {{hitsCtrl.values.hits}}  

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් බොරිස් ජොන්සන් බදාදා (ජූලි 24) අගමැති ධුරයේ ද වැඩ භාර ගැනීමට නියමිතය. බොරිස් ජොන්සන් මේ සඳහා පත්වූයේ ඒ සඳහා තරග කළ විදේශ ලේකම් ජෙරමි හන්ට් පරාජය කරමිනි.  ජෙරමි හන්ට් සමග පැවති කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟයේදී බොරිස් ජොන්සන් ඡන්ද 92,153 ලැබූ අතර හන්ට් ලැබුවේ ඡන්ද 46,656ක් පමණි. ධුරයෙන් ඉවත්වන අගමැතිනි තෙරේසා මේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව පක්ෂ නායකයාට සුබ පතා තිබේ. 

මේ සමග බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වන බොරිස් ජොන්සන් එල්ටන් විද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ. ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සමාන ප්‍රතිපත්ති සහිත දේශපාලනඥයෙකු ලෙස ප්‍රචලිතය. 

(BBC)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...