බෞද්ධ බහුතරයක් වෙසෙන ඉන්දියාවේ පළමු ප්‍රාන්තය ලඩක්

2025 අප්‍රේල් මස 22 ප.ව. 01:03 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාවේ ලඩක් (Ladakh) ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් පියවර ගැනීමත් සමගබෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ලඩක් ප්‍රාන්තයේ සියයට හැත්තෑවක බෞද්ධ ජනගහණයක් වෙසෙන බවයි.

තමන් ලඩක් ප්‍රදේශයේ සංචාරය කර ඇති බවත් , එහි සුන්දරත්වය හොඳින් අත් විඳ ඇති බව පවසන අග්‍රාමාත්‍යවරයා මහතා එය සංචාරය කිරීමට සුදුසු පළාතක් බව ද වැඩිදුරටත් සඳහන් කරයි. ලඩක් කලින් තිබුනේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට අයත්ව ය. එය හිමාලයට සමීපව ජම්මුකාශ්මීරයේ මුහුදු මට්ටමේ සිට 9800 ඉහලින්ම පිහිටි සානු සහිත සුන්දර කඳුකර පළාතකි. මාස 6 ක් ග්‍රීෂ්ම කාලය පවතින අතර මාස හයක්ම පවතින්නේ ගංගා අයිස් බවට පත් කරවන ශීත කාලයයි.
ඡායාරූප - wikipedia

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...