භික්ෂු විශ්වවිද්‍යාලයත් නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

2025 අප්‍රේල් මස 22 ප.ව. 09:25 - {{hitsCtrl.values.hits}}  

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට දින (24) ආරම්භ කිරීමට  නියමිතව තිබු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු ආරම්භ නොකිරීමට එම විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරිය තීරණය කොට ඇත.

මිට පෙර ඉකුත් 22 වෙනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතව තිබු එම විශ්වවිද්‍යාලය රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (24) දක්වා කල් දැමීමට පියවර ගනු  ලැබිණි. මේ අනුව එම  විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙනු ලබන බව එහි ලේඛකාධිකාරී යු.ඩි.දොඩම්වල මහතා පැවසිය.

කතෝලික පාසල් ලබන සඳුදා තෙක් නිවාඩු

සියලුම පාසල් හෙට අනින්දා නිවාඩු - විශ්ව විද්‍යාලත් නිවාඩු

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...