මඩකලපු සරසවියේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

2024 නොවැම්බර් මස 19 පෙ.ව. 12:51 - {{hitsCtrl.values.hits}}  

නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප‍්‍රදේශයේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය ඉදිරියේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ.

එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂයමාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කලේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමිනි. ජනාධිපතිවරයා සයින්දමර්දු ලී මැරිඩියන් දේශන ශාලාවේ දී නැගෙනහිර පළාත් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණයින් හමු වූ අවස්ථාවේදී එසේ කීය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...