මඩු දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස නම්කරයි

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 03:36 - {{hitsCtrl.values.hits}}  

මඩු මාතාවන්ගේ දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍ර දේශයක් බවට ප්‍රකාශයට පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් තර තිබේ.

එසේම එම ප්‍ර දේශය සම්බන්ධයෙන් පරිභාහිර සැලැස්මක් සකස් කළ යුතු බවට විධානය කරන බවටත් එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස  ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකටද මීට පෙර කැබිනට් අනුමැතිය ලැබුණි.

එහිදී මඩු දේවස්ථාන ප්‍රදේශයේ ආගමික ස්ථානය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය වන්නාවූ පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවයක් සේ සලකා මඩු දේවස්ථානය ඇතුළත් භූමි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කොට ඒ ආශ්‍රිතව ප්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවාහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත් අරමුණු කොට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබුණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...