මහජනතාවට සෞඛ්‍ය පරීක්ෂා කර ගැනිමට සුවදිවි මධ්‍යස්ථාන 842ක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:48 - {{hitsCtrl.values.hits}}  

මහජනතාවට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනිම සදහා රජයේ වෛද්‍ය ආයතන 842ක  සුවදිවි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිත බව සෞඛ්‍ය  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ඒකක මගින් රුධිරයේ සීනි ප‍්‍රමාණය, කොලෙස්ටරෝල් හා මේ ප‍්‍රමාණය,රුධිර පීඩනය, ශරීර ස්කන්ධ දර්ශකය මගින් අධික රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග තිබේ දැයිපරීක්ෂා කර ගත හැක.

තවද සුවනාරි සායන 906 ක් පිහිටුවා ඇති අතර එමගින් කාන්තාවන්ට පියයුරු හා ගැබිගෙල පිළිකා කල් ඇතිව හදුනාගැනීමට හැකිය.සෑම දිස්ත‍්‍රික්කයකම එකක් බැගින් රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇත.

ඒ සදහා සහයෝගය සිංගප්පුරුවෙන් ලැබෙන අතර  මෙම පරීක්ෂණ ඒකකවල දී එම්.ආර්.අයි. සී.ටි ස්කෑනර් පරීක්ෂණ හැර අනෙකුත් සියළුම රෝග පරීක්ෂණ පහසුකම් ලබාදිමට නියමිතය.

මෙහිදී බලාපොරොත්තු වන්නේ 2020 වනවිට බෝ නොවන රෝග සියයට 10 කින් අඩු කිරීමට සහ 2035 වනවිට බෝනොවනරෝග සියයට 20 කින් අඩු කිරීමට බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, පසුගිය දා ඇමෙරිකාවේ පැවැති බෝ නොවන රෝග පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙමිනි.(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)ඡායාරූපය-මහනුවර මහ රෝහල

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...