මහත්මා කෝලි

2025 අප්‍රේල් මස 22 ප.ව. 04:23 - {{hitsCtrl.values.hits}}  

ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය.

මෙහිදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටිය ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත්ට ඉන්දීය ප්‍රේක්ෂකයන් විරෝධය පළ කරන්නට විය. ඒ ස්ටීවන් ස්මිත් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ මෙම ක්‍රියාවට කෝලි විරෝධය දැක්වූ අතර එහිදී ඔහු ඉන්දීය ප්‍රේක්ෂකයන්ට සංඥාවෙන් පැවැසුවේ ස්ටීවන් ස්මිත්ට අත්පොළසන් දී සහයෝගය පළ කළ යුතු බවයි.

ඉන්දීය නායකයාගේ මෙම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට පාත්‍ර විය.

දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගාවලියේදි ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් හා කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ලක්ව වැරදිකරුවන් බවට පත්වූහ.

කෙසේ වෙතත් වසරක තහනම් කාලයකින් පසුව ස්මිත් හා වෝනර් නැවතත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට පැමිණ සිටින අතර ඔවුන් දෙදෙනාම ඉහළ රිද්මයකින් පන්දුවට පහර දෙමින් සිටියි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...