මහදැරු සෝමදේවගේ දැනුම පරික්ෂා කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හපනෙක් නැතිලු

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 08:40 - {{hitsCtrl.values.hits}}  

පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදුකරන ලද පුරා විද්‍යා කැණීම් වල වාර්තා පරීක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රමාණවත් දැනුමක් ඇති පුද්ගලයින් නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා ආචාර්ය ශිරාන් දැරණියගල මහතා වෙත යවන ලද ලිපියක සඳහන් වේ.

එම වාර්තා පරීක්ෂා කිරීම සඳහා දැනුමක් සහිත නිලධාරින් තම දෙපාර්තමේන්තුවේ නොමැති බැවින් ඒ සඳහා සහය වන්නැයි ඉල්ලමින් ආචාර්ය ශිරාන් දැරණියගල සහ ආචාර්ය එච් නිමල් පෙරේරා යන මහත්වරුන් වෙත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යවන ලද ලිපියෙන් මේ බව හෙළි වේ.

දෙපාර්තමේන්තුවේ බලපත‍්‍ර යටතේ කැණීම් කරන ලද එහෙත් අවසන් වාර්තා ලබා නොදුන් පුද්ගලයින්ට නව කැණීම් බලපත‍්‍ර නිකුත් නොකිරීමට දෙපාර්තමේන්තුව ගත් තීරණයේ ප‍්‍රථම පියවර ලෙස මෙසේ රාජ් සෝමදේව මහතාගේ කැණීම් පිළිබඳ වාර්තා පරීක්ෂා කිරීමට තීරණය කළ බව එම ලිපියේ සඳහන් වේ.

එහි පළමු පියවර ලෙස රාජ් සෝමදේව මහතාගේ වාර්තා පරීක්ෂා කිරීමට තීරණය කළ බවත් එහෙත් ඒ සඳහා ප‍්‍රමාණවත් දැනුමක් ඇති නිලධාරින් තම දෙපාර්තමේන්තුවේ නැති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියෙහි සඳහන්ව ඇත.

විනීතා එම් ගමගේ (ලංකාදීප ඇසුරිනි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...