මහනුවර - පේරාදෙණිය ද්විත්ව දුම්රිය මාර්ගයක්

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:53 - {{hitsCtrl.values.hits}}  

මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය  ලැබී තිබේ

දැනට පවතින මහනුවර පේරාදෙණිය දුම්රිය මාර්ගයට සමගාමීව ඉදිකෙරෙන ද්විත්ව දුම්රිය මාර්ගය ආසන්න වශයෙන් කිලෝමීටර් 6.0ක දිගින් යුක්ත වන අතර, මේ වන විට මහනුවර සිට ගැටඹේ දුම්රිය හරස්  මාර්ගය දක්වා ඉදිකෙරෙමින් පවතී.

ගමන් කාලය තවදුරටත් අඩු කිරීමේ අරමුණින් ගැටඹේ දුම්රිය හරස් මාර්ගය සහ සරසවි උයන අතර දැනට පවතින දුම්රිය මාර්ගයට සමාන්තරව, වැඩිදියුණු කළ සංඥා පද්ධතියක් සහිත අතිරේක මාර්ගයක් ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදන යොදාගනිමින් ඉදිකිරීම සඳහාත් සැතපුම් 00 දම්වැල් 37 ස්ථානයේ මහවැලි ගඟහරහා පාලමක් ඉදිකිරීම සඳහාත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...