2025 මාර්තු මස 13 පෙ.ව. 05:20 - {{hitsCtrl.values.hits}}
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක‍්‍රමය වන මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ ගොවි පවුල් තුන්දහසක් තෝරා ගනිමින්, අක්කර තුන්දහසක සූර්යබල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සශ්‍ය ශක්ති ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ සිදු කෙරේ.ලොකු ලුනු සහ මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හා දැනුම ලබාදෙමින් ගොවින්ගේ හා රටේ ආර්ථික සංවර්ධනයට දායක වීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදු වනු ඇත.
ශ‍්‍රී ලංකාවේ විචල්‍ය වූ දේශගුණික රටාව නිසා ඇතිවන නියඟයට මුහුණදීමත්, විදුලිබලය හා ඉන්ධන භාවිතය අවම කර ගැනීමත් මෙහි ප‍්‍රමුඛ අරමුණු වෙයි. ග‍්‍රාමශක්ති ව්‍යවසායකත්ව ප‍්‍රවර්ධන වැඩසටහන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ මහජන බැංකුව එක්ව ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවයි.
(රජයේ නිල පුවත් සේවය)
![]() |
diary Read more... |