මහානාම වවුනියාවට පාසලක් තනයි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:46 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙස කටයුතු  කරන රොෂාන් මහානාම මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් යුතුව වවුනියාව බෝගස්වැව වෙහරතැන්න නැවත පදිංචිකළ ගම්මානයේ අලුතෙන් ඉදිකරන ලද පාසල් ගොඩනැගිල්ල රොෂාන් මහානාම මහතාගේ සහභාගිත්වයෙන්  විවෘත කරන ලදී.

රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් වැයකරමින් මෙම පාසල් ගොඩනැගිල්ල ඉදිකෙරුණු අතර සියලු ඉදිකිරීම් කටයුතු යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් සිදු විය. මෙසේ ඉදි වූ විදුහල් ගොඩනැගිල්ල නම්කර ඇත්තේද රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය නමිනි.

මේස, පුටු,  අල්මාරි ඇතුළු සියලු උපකරණවලින් සමන්විතව නව පාසල ආරම්භ කරන ලද අතර  1 ශ්‍රේණිය සිට 05 ශ්‍රේණිය දක්වා ළමුන් 44 දෙනෙකුගෙන් හා ගුරුවරුන් 04 දෙනෙකුගෙන් යුතුව ආරම්භ කිරීම සිදුවිය.පසල් දරු දැරියන් සඳහා පාසල් උපකරණ හා පාසල් පාවහන් ලබාදීමද මෙහදී සිදු කෙරුණි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් කුලතුංග,  62 සේනංකාධිපති මේජර් ජනරාල් අජිත් විජේසිංහ යන මහත්වරුන් හා අධ්‍යාපන නිලධාරීන්, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.පාසල් විවෘත කරන විට සිර ගෙවල් 100ක් වැසෙන බවට ප්‍රසිද්ධ කියමනක් ජනතාව අතර පවතියි.

www.ada.lk ඇසුරිනි

DSC_7588 DSC_7592 DSC_7642 DSC_7701 DSC_7782 DSC_7819

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...