2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:24 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලාංකික සැබෑ සිනමාවේ පියාණන් වූ ලොව ජීවත්වූ ජ්‍යේෂ්ඨතම සිනමාවේදියා ලෙස සැළකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා (29දා) රාත්‍රීයේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1956 වසරේදී නිර්මාණය කරන ලද රේඛාව චිත්‍රපටය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගනිති.
මෙරට සිනමාව අන්තර්ජාතික තලයේ මුල්වරට තැබුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාය.1919 අප්‍රේල් මස 05 දින කොළඹ දෙහිවල දී උපත ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූහ. පුවත්පත් කලාවේදියකු ලෙස ඔහුගේ මුල්ම රැකියාව විය. එංගලන්තයට ගිය ලෙස්ටර් එහිදී පුවත්පත් කලාවේදියකු ලෙසත් කටයුතු කළේය. එන්ගලන්තයේ දී කෙටි චිත්‍රපට කිපයක් ද නිර්මාණය කරන ලද අතර එම චිත්‍රපට ජාත්‍යන්තර අවධානයට ලක් වී තිබිණි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ සන්දේශය, ගම්පෙරලිය, ගොලු හදවත, නිධානය, දෙලොවක් අතර අහසින් පොළොවට, මඩොල්දූව, වීර පුරන් අප්පු, බැද්දේගම, යුගාන්තය, කලියුගය, අවරගිර, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ වැනි සෑම සිනමා කෘතියක්ම ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වනුයේ ප්‍රවීණ සිනමා වේදී සුමිත්‍රා පීරිස් මහත්මියයි. ලෝක සිනමාවට කළ සේවය වෙනුවෙන් ප්‍රංශය, ඉන්දියාව,ජපානය ඇතුලු රටවල් රාශියකින් ගෞරව බහුමානයෙන් පුදන ලදී.
1919 අප්‍රේල් 5 වැනිදා දෙහිවලදී ෆැරැන්සිස් පීරිස් මහතාට හා ඈන් ගෙස්ට්යට් විනිෆ්‍රච් ජයසූරිය මහත්මියගේ පුතණුවන් ලෙස ආචාර්ය පීරිස් මහතා උපත ලැබීය. පියා වෛද්‍යවරයකු වූ අතර මව උපාධිධාරිනියක වූවාය. ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට එරිකා, අයිවන් සහ නොයෙල් යනුවෙන් සහෝදර සහෝදරියෝ තිදෙනෙක් වූහ.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම 17 වැනි වියේදී ජීවන වෘත්තිය ලෙස පුවත්පත් කලාව තෝරා ගත්තේය. ඔහු ප්‍රථමයෙන්ම ඬේලි නිව්ස් පුවත් පතේ අතිරේකයක් සංස්කරණය කළේය.
1939දී ඔහු ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතෙහි ෆ්රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද කෙටි කලක් වැඩ කළේය.
1947 වසරේදි එංගලන්තයට ගොස් කලාව පිළිබඳ වැඩිදුර හැදෑරීය. 1952 වසරේදී නැවැත ලංකාවට පැමිණි ලෙස්ටර් මහතා රජයේ චිත්‍රපට අංශයේ කළමනාකරුවකු වශයෙන් සේවය කළ විලී බ්ලෙක් හා ටයිටස් තොටවත්ත මහත්වරුන් සමග එකතුවී වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් විය. එම උත්සාහය දේශීය සිනමාවේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් විය. එහි ප්රථිඵලයක් ලෙස 1956 වසරේදී ගැමි තේමාවක් වස්තු විෂය කරගත් රේඛාව චිත්‍රපට නිර්මාණය කළේය. එළිමහනේ රූගත කළ පළමු සිංහල සිනමා පටයද එය වේ.
අනතුරුව ඔහු අතින් තවත් විත්‍රපට රාශියක්ම නිර්මාණය විය. සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය, දෑසනිසා, මඩොල්දූව, අහසින් පොළවට, වීර පුරන් අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වළව්ව ආදි සිනමාපට අධ්‍යක්ෂණය කළ අතර 2006 වසරේදී තිරගතවූ අම්මාවරුනේ සිනමාපටය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අවසන් සිනමා පටයවේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1975 වසරේදී ද ‘ගෝඞ් කිං’ නැමැති ඉංග්‍රීසි සිනමාපටය අධ්‍යක්ෂණය කළ අතර තවත් කෙටි චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ සිනමාපට දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබීය.
1981 වසරේදී බැද්දේගම සහ යුගාන්තය යන චිත්‍රපට දෙකම ප්‍රංශයේ කෑන්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර බැද්දේගම චිත්‍රපටය එම වසරේදීම ලන්ඩන් සිනමා උළෙලද නියෝජනය කළේය.
යුගාන්තය සිනමා පටය මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, එයට මෙරටදී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ජනාධිපති සම්මානයද හිමිවිය.
1997 වසරේදී ගෝල්ඩන් ලයන් සම්මානය, 2000දි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී මයුර සම්මානය, 2001 වසරේදී ආසියානු සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්වර්ණ පද්ම සම්මානය සහ 2002 දී ආසියානු සිනමා සංස්කෘතිය පිළිබඳ සම්මානයද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිවිය.
1964 වසරේදී ප්‍රවීන සිනමාවේදීනි සුමිත්‍රා ගුණවර්ධන (පසුව පීරිස්) මහත්මිය සමඟ විවාහ විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |