මානව සංවර්ධන දර්ශකයෙන් ලංකාව ඉදිරියට

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:34 - {{hitsCtrl.values.hits}}  

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කරන ලද නවතම මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

2018 වසරේ දත්ත යෝදාගෙන 2019 වසර වෙනුවෙන් නිකුත් ඇති මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව 71 වැනි ස්ථානයට පත්ව තිබේ. 2017 වසරේ දත්ත යෝදාගෙන 2018 වසරේදී නිකුත් කළ දර්ශකයේදී ශ්‍රී ලංකාව 76 වැනි ස්ථානය හිමිකරගෙන තිබුණි.

නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධනයක් අත්කර ගත් රටවල් අතරට එක්ව තිබේ.

රටවල් 189ක දත්ත පදනම් කරගෙන මෙම දර්ශකය ගණනය කර තිබේ. එහි පළමු ස්ථානය  නෝර්වේ  රාජ්‍යයට හිමිව තිබේ.  අවසන් ස්ථානයට නයිජර් රජය පත්ව තිබේ.

අසල්වාසි ඉන්දියාව 129 වැනි ස්ථානයේ පසුවන අතර චීනය 85 වැනි ස්ථානයේ පසුවෙයි.

ආයු අපේක්ෂාව, සාක්ෂරතාව හා ඒක පුද්ගල ආදායම යන දර්ශක පදනම් කර ගනිමින් මෙම දර්ශකය ගණනය කර තිබේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...