මානසික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනය පාසල් සිසු සිසුවියන්ට

2024 නොවැම්බර් මස 19 පෙ.ව. 09:57 - {{hitsCtrl.values.hits}}  

පවතින සමාජීය ක්‍රමය හේතුවෙන් පාසල් දරුවන් පවා මානසික  රෝගී තත්ත්වයට පත්ව  ඇති බවත් එසේ නොවන්නට නම් ඒ පිළිබඳව ඔවුන්ට අධ්‍යාපනය ලබා දිය යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී   පැවැති  ජාතික මානසික සෞඛ්‍ය දිනය සැමරීමේ උත්සවය අමතමින්   අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.බෝ නොවන රෝග යටතේ මානසික රෝගවලට සුවිශේෂි ස්ථානයක් හිමිවන බවත් වාණිජ කරණය, ආකල්ප වෙනස් වීම තුළ මෙවැනි සමාජමය ගැටළු ඇති වන නිසා පාසල් අධ්‍යාපනයේදී දරුවන්ට මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන්  දැනුම ලබා දිය යුතුව ඇතැයි පැවැසීය.


වර්තමානයේදී පාසල් දරුවන් තරගකාරී අධ්‍යාපන රටාවක නියැලෙන බවත් අතීතයේ දරුවන්ට තිබු සුන්දර ළමා විය දැන් දරුවන්ට නොමැති බවත් හෙතෙම කීවේය. මෙවැනි මානසික ගැටළු සඳහා  විසඳුම් කඩිනමින් ලබාදීමට වර්තමානයේ  දියුණු ක්‍රම භාවිත කරන බවත් ඒ සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවත් දියුණූ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්වීය සෞඛ්‍ය රැකවරණය ජනතාවට ලබාදෙන බවත් පැවසු අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේ ජන සමාජය තුළ  මානසික රෝගී තත්ත්වයෙන් සිටින  පිරිසට ආදරය , කරුණාව දැක්විය යුතු බවයි.


 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...