මාලඹේ සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර

2024 ඔක්තෝබර් මස 06 ප.ව. 10:58 - {{hitsCtrl.values.hits}}  

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ලියාපදිංචි වෙන වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි  කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. 

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ගොනු කළ රීට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව අද (31දා) ලබාදුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, එස්. තුරෙයිරාජා යන මහත්වරුන් මෙම තීන්දුව ලබාදුන් අතර මල්ෂානි සුරවීරආච්චි හා දිලුම් සූරියආරච්චි යන සිසුන් දෙදෙනා මෙම රීට් පෙත්සම ගොනු කරනු ලැබීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමති හා උසස් අධ්‍යාපන ලේකම් යන පුද්ගලයින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

නිරෝෂා ප්‍රියදර්ශනී

law-court_2900691b copy

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...