මැකෝගෙන් පාසලකට පුස්තකාලයක්

2025 අප්‍රේල් මස 21 ප.ව. 05:01 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යන්තර මවු භාෂා දිනය වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සංකල්පයකට අනුව දුෂ්කර පාසල් සිසුන් වෙනුවෙන් පුස්තකාල පහසුකම් ලබාදීමේ වැඩසටහන අනුව මතුගම කොට්ඨාශයේ අති දුෂ්කරම පාසලක් වන මතුගම ගල්ලෙනිය කන්ද ප්‍රථමික විදුහලට පුස්තකාල පොත් ප්‍රදානය කිරීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) එම විදුහලේදී සිදුකෙරිණි.

කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල්, කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන් කළුතර මැතිවරණ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාලින්ද්‍ර ජයවීර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මතුගම ප්‍රදේශයේ  පිහිටා ඇති අති දුෂ්කර පාසලක් වන මෙම  මතුගම ගල්ලෙනිය කන්ද ප්‍රථමික විදුහලට අත්‍යාවශ්‍යව තිබු පුස්තකාල පහසුකම් ලබාදීමේ වැඩ සටහනේ මුල් අදියර ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ පොත් පරිත්‍යාග කිරීම සිදුකෙරිණි.(ada)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...