මැලේසියාව නැවතත් මහතීර් මොහොමඩ්ට

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:55 - {{hitsCtrl.values.hits}}  

මහතීර් මොහොමඩ් වර්තමාන මැලේසියානු සංවර්ධනයේ පුරෝගාමියා වශයෙන්ද පිළි ගැනෙන මහතීර් මොහොමද් මැලේසියානු මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් ලබමින් මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වී අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය. මැතිවරණ ජයෙන් පසු මැලේසියාවේ රජු හමු වීමෙන් අනතුරුව හෙතෙම අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබිණි. අනූ දෙවැනි වියේ (92) පසුවන මහතීර් මොහොමද් 1981 සිට 2003 දක්වා අවුරුදු 22ක් මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරය හෙබවීය.
මහතීර් මොහොමද් මැතිවරණයට ඉදිරිපත් වූයේ 2015 වසරේදී ආරම්භ කළ ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂයෙනි. මැලේසියාවේ බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ 1957 වසරේ සිට අද (10) දක්වා මැලේසියාවේ බලය හොබවූයේ  බරිසාන් නැෂනාල් සන්ධාන පක්ෂයයි. මහතීර් මොහොමද් 1981 වසරේදී අග්‍රාමාත්‍යධුරයට පත්වූයේත් එම පක්ෂයෙනි. එහෙත් හෙතෙම 2016 දී බරිසාන් නැෂනාල් සන්ධාන පක්ෂයෙන් ඉවත් විය. 
මහතීර් මොහොමද් අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වුවත් ඔහු කිසිවිටකත් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවීය. හෙතෙම දිගටම දේශපාලනයේ නිරත වූ අතර 2016 දී අන්වර් ඊබ්‍රහීම්ය. (දැනට සිර දඬුවම් විඳින) නායකත්වයෙන් යුත් ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂය සමග එකතු විය. මහතීර් මොහොමද්ගේ දේශපාලන දිවිය දශක හතකට වැඩිය. 
අන්වර් මහතීර් මොහොමද් යටතේ මැලේසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යධුරය හා මුදල් අමාත්‍යධුරය හෙබවීය. එහෙත් දූෂණ චෝදනා නිසා මහතීර් මොහොමද්ගේ පාලන සමයේදී ඔහු සිරභාරයට පත්වූ අතර 2004 වසරේදී නිදහස ලැබීය. නැවතත් නජීබ් රස්කාගේ පාලනය යටතේදී 2015 වසරේදී සිරභාරයට පත්විය. ඔහුට දූෂණ චෝදනාද එල්ල වී තිබේ.
කෙසේ නමුත් ඔහු රාජකීය සමාව ලබාගැනීමට කටයුතු කරන බවත් ජූනි මාසයේදී ඔහු නිදහස් කරගැනීමට බලාපොරොත්තු වන බවත් මහතීර් මොහොමද් මැතිවරණ වේදිකාවලදී පැවැසීය. එපමණක් නොව ඔහුට අග්‍රාමාත්‍යධුරය බාර දී තමන් ඉන් ඉවත් වන බව ද මහතීර් මොහොමද් ප්‍රකාශ කර තිබේ. 

මහතීර් මොහොමඩ් වර්තමාන මැලේසියානු සංවර්ධනයේ පුරෝගාමියා වශයෙන්ද පිළි ගැනෙයි. 

නිරෝිෂා ප්‍රියදර්ශනී

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...