මිරිස්ස තල්මසුන් නැරඹීමේ බෝට්ටු සේවාව විධිමත් කිරීමට අවධානය

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 01:29 - {{hitsCtrl.values.hits}}  

මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමට පැමිණෙන සංචාරකයන් ප්‍රවාහනය කරන බෝට්ටු සේවාව විධිමත් කිරීමට වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.

මේ අනුව බෝට්ටු සේවා සපයන්නන්ට ප්‍ර‘වේශපත්‍රයක් නිකුත් කිරීමට හා ගමන්වාර සකස් කිරීමට අදාළ කටයුත්ත රජය විසින් අධීක්ෂණය කිරීමටද තීරණය කර ඇත.

මීට අමතරව මේ වසරේ ඉදිරි මාස 05ක කාලය තුළදී බෝට්ටු සේවාව විධිමත් කිරීම සඳහා තත්ත්ව සහතිකයක් ලබාදීමටද අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති තල්මසුන් නැරඹීමේදී ක්‍රියාත්මක කළයුතු රෙගුලාසි පටිපාටිය මේ මාසයේ සිට මිරිස්ස ප්‍ර‘දේශයේ ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යවරයා තීරණය කර ඇත.

අදාළ රෙගුලාසි 2012 වසරේ හඳුන්වාදී තිබෙන අතර, එය මේවනවිට කල්පිටිය සහ හික්කඩුව ප්‍ර‘දේශවල ක්‍රියාත්මක කෙරේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...