මිහින්තලය ජාතික උරුමයක් ලෙස නම්කරයි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 01:36 - {{hitsCtrl.values.hits}}  

මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත්, පොසොන් සතිය හා මිහිතලා පෙරහැර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට  පත්කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදරිපත් කර තිබුණි.

මීට අමතරව මිහින්තලය පොසොන් පෙරහැර සඳහා අවශ්‍ය වාර්ෂිකව ප්‍රතිපාදන බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මඟින් සිදුකිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විශේෂිත පිංකම් හා චාරිත්‍ර සමගින් පොසොන් උත්සවය ජාතික උත්සවයක් ලෙස පැවැත්වීමේ ඇතිවන දුෂ්කරතාවයන් අවම කිරීම සඳහා දැනට ලබාදෙන රාජ්‍ය අනුග්‍රහයට සාපෙක්ෂව ඉහළ දායකත්වයක් රජය විසින් ලබාදීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...