මුවන් පැළැස්සේ ‘මැණිකේ‘ දිවි මඬල නිමා කරයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 03:51 - {{hitsCtrl.values.hits}}  

ගුවන් විදුලි නාට්‍ය කලාවේ ජනහඳ වැළඳගත් නාට්‍යක් වූ මුවැන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ මැණිකේ චරිතයට හඬ දායකත්වය සැපයූ රත්නාවලී කැකුණවල මහත්මිය අද සිය දිවිගමන නිමා කළාය. මියයනවිට 87 වැනි වියේ පසු වූ ඇය ගුවන්විදුලි නාට්‍යය, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව යන සියළු කලා ක්ෂේත්‍රයන්හි සිය රංගන දායකත්වය ලබා දෙමින් සිටියේය. සත්සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය දියමන්ති, කරුමක්කාරයෝ, ආරාධනා, දඩයම, බට්ටි, වදුල වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදී ඇත. වසර 50ට වැඩි කාලයක් කලා කටයුතු කළ ඇය සරසවි සම්මානය, ජනාධිති සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත්වූවාය.

පොලිසියේ සංඥා අංශයේ නිලධාරියකු සමග විවාහ වී සිටි රත්නාවලී කැකුණවෙල මහත්මිය පුතුන් හතර දෙනකුගේ හා දියණියන් දෙදෙනකුගේ මවකි.

සිතුවම - ජානක ඉලුක්කුඹුර

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...