මොරගහකන්ද විදුලි උත්පාදනය අත්හදා බැලීමට ජලය මුදා හරියි

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 05:59 - {{hitsCtrl.values.hits}}  

මොරගහකන්ද ජලාශයේ විදුලි උත්පාදනය ආරම්භ කිරීම අත්හදා ලැබීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්  (2)දා ජලය මුදා හැරිණ. ජනාධිපතිවරයා එහි පරිගණකයක් ක්‍රියාත්මක කරමින් විදුලි බලාගාරයට ජලය මුදා හැරීම ආරම්භ කළේය.
විදුලි බල උත්පාදනය අත්හදා බැලීම සඳහා අඛණ්ඩව පැය 72ක් ජලය මුදාහැරීමට නියමිතය. විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන ජලය අඹන්ගඟ සහ ඇළහැර  ඇල ඔස්සේ පරාක්‍රම සමුද්‍රය ඇතුළු රජ රට වැව් රැසකට ගමන් කරයි. ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස හමුවේ පැවැසුවේ  මෙම සුන්දර මොහොත දැකීමට  තමන් සිහින දකිමින් සිටි බවයි. මොරගහකන්ද ජලාශයේ මේ වන විට ජල පරිමාව අක්කර අඩි 3,20,000 දක්ව ඉහළ ගොස් තිබේ. එය පරාක්‍රම සමුද්‍රයේ මුළු ධාරිතාව මෙන් තුන් ගුණයකි.

ක.ග. කරුණාරත්න

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...