මොරගහකන්ද සියයට 98ක් පිරෙයි

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:58 - {{hitsCtrl.values.hits}}  

මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවයෙන් සියයට 97.6 ක ජල ධාරිතාවක් මේ වනවිට පවතින  බව  ජලාශ භාර  ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා පැවසීය.

අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට මේ දිනවල විශාල ජල ප්‍රමාණයක් ලැඹෙමින් පවතින බවද මේ වන විට ජලාශයේ  මුහුදු මට්ටමේ සිට 184 . 55 ක ජල ධාරිතාවක් පවතින බවත් මුහුදු මට්ටමේ සිට ජලාශයේ උපරිම ජල ධාරිතාවය 185  බව කාර්යභාර ඉංජිනේරු පී. එස. බණ්ඩාර මහතා සඳහන් කළේය.

තවදුරටත් වර්ෂාව පැවැතුනහොත් හා බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට ජලය ලැබුනහොත් ස්වයංක්‍රීයව  වාන් දොරටු විවෘත වීම සිදුවන බවද ඉංජිනේරුවරයා පැවැසීය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...