මොරටු සරසවියෙන් අලුත් වැඩක්

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 12:57 - {{hitsCtrl.values.hits}}  

DSC_0154-ftවැල මිට ඉහළ බාහුව අහිමිවූ ආබාධිත අයවලුන් සඳහා මිනිස් චලනවලට සමානව ක‍්‍රියාකරන රොබෝ අතක් (Robotic Prosthetic Arm) ලංකාවේ ප‍්‍රථම වතාවට නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සමත්වී සිටී.

මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.ඒ.ආර්.සී. ගෝපුර මහතා සහ යාන්ත‍්‍රික ඉංජිනේරු පශ්චාත් උපාධිය හදාරන ඞී.ජී. කනිෂ්ක මධුශංක යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අචින්ත අබයසිරි, නිලුප පේදුරුආරච්චි හා තරිඳු සදීප යන අවසන් වසර ඉගැනුම ලබන සිසුහු මෙම රොබෝ අත නිර්මාණය කළහ. මෙම රොබෝ අත හඳුන්වනු ලබන්නේ MoBio නමිනි. (අද පුවත්පත)

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...