යාපනයෙන් වාණිජ ගුවන් ගමන් අරඹයි

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 02:46 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ  තුන් වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වශයෙන් ‍යාපනය ගුවන් තොටුපළ අද (11දා) උදෑසන සිය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කළේය.

ඒ අනුව ඉන්දීය ගුවන් සේවයට අනුබද්ධිත එලායන්ස් එයා (Alliance Air )ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද දින දහවල් 12.00 ට ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ගුවන් තොටුපොළට පැමිණියේය.

එම යානයෙන් ගුවන් මගීන් 12 දෙනෙකු පැමිණි අතර , යළිත් එම ගුවන් යානය දහවල් 12.45 ට ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය තුළ කාර්යය මණ්ඩලය ලෙස ගුවන් නියමුවන් ඇතුළු 07 දෙනෙකු පැමිණ තිබූ අතර, මංගල ගුවන් ගමන සඳහා ව්.ටී.ආර්.- 72 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...